UPDATE


සමස්ථ දිවයිනේම ප්‍රධාන නගර ඇතුලුව ‍රාජ්‍ය බැංකු සියල්ලේම පෝස්ටර් ඇලවෙයි!

සාමුහික ගිවිසුම් සටන තීව්‍රර කිරීමට සියලු රාජ්‍ය බැංකු සේවකයින් එක්වෙයි!

සාමූහික ගිවිසුම් සාකච්ඡාවලදී රටේ තත්වය, ආර්ථිකයේ හැසිරීම ආදී තත්වයන් පිළිබඳ සළකා බලමින් සංගමය අපේක්‍ෂා කළ මට්ටම් කරා අදාල යෝජනා පැමිණි නොතිබුණද සෑම ශ්‍රේණියකටම කළ හැකි උපරිම සාධාරණත්වයක් ඉටුකරමින් අවසන් එකඟතාවයන් ලබා දුන්නේ එම සාමූහික කේවල් කිරීම් වල අවසන් ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනූව බැංකු වල අධ්‍යක්‍ෂ මණ්ඩල එකඟතාවයන් සහිතව නිර්දේශ කෙරුණු එම යෝජනාවන් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර දින 47 කට අධික කාලයක් ගතවී ඇත.

මේ අතරතුර විවිධ හේතු දක්වමින් සාමූහික ගිවිසුම් අනුමැතිය ප්‍රමාද වීම තුළ සංගමය මේ වන තුරු අනුගමනය කළ නම්‍යශීලී පිළිවෙත බරපතල ලෙස නොසලකා හැර ඇත.

එසේම රාජ්‍ය බැංකුවල සාමූහික ගිවිසුම් අවසන් නොවීම නිසා ප්‍රාදේශීය, සංවර්ධන බැංකුව, HDFC බැංකුව හා ශ්‍රීලංකා ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවල සාමූහික ගිවිසුම්ද ඇණහිට ඇත. ඒ අනුව මෙම අනවශ්‍ය ප්‍රමාදය රාජ්‍ය බැංකුවල පැවැත්ම කෙරෙහිද බැංකු සේවකයාගේ හෙට දවස කෙරෙහිද බරපතල අනතුරුදායක වට පිටාවක් නිර්මාණය කර අවසන්ය.

ඒ අනුව සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අනුගත වී ඇති අතර අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කරන තෙක් අවසන් නොකෙරෙන අධිෂ්ඨානයෙන් යුතුව අද (22) දින සියලු රාජ්‍ය බැංකුවල පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කෙරින.

මේ හා සමගාමිව ප්‍රධාන නගර 24ක පෝස්ටර් 2500කට අධික ප්‍රමාණයක් ද අලවා තිබින.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ පිහිටි අප රාජ්‍ය බැංකු ශාඛා කාර්‍යාල වලද " සාමුහික ගිවිසුම් වහා අත්සන් කරනු " පෝස්ටරය ප්‍රදර්ශනය කර තිබේ.

ප.ව 4.00 වන විට අප වෙත ලද ඡායාරූප වලින් තෝරාගත් ඡායාරූප කිහිපයක් පමණක් මෙසේ ඔබ වෙත දක්වමු.

සාමුහික ගිවිසුම් අත්සන් කරවාගැනීමේ අරගලය දිනේවා !


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks