UPDATE


බලධාරීන් නිහඬයි ! හෙට සිට තීරණාත්මකයි.

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව යන රාජ්‍ය බැංකුවල කළමනාකාරීත්වයන් එම බැංකුවල 2021 - 2023 සාමුහික ගිවිසුම් පිළිබඳව සංගමය හා එකඟ වී නිර්දේශ කරන ලද යෝජනා සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබා නොදි කල් මැරීමත් ඒ හේතුවෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) හා ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව (SLSB) යන රාජ්‍ය බැංකුවල සාමුහික ගිවිසුම් සාකච්ඡා ඇණහිට තිබීමත් නිසා එයට එරෙහිව සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දෙවැනි සතියට පා තබා ඇත.

ඔක්තෝබර් 14 වන දින FB සමාජ මාධ්‍ය තුළ "රාජ්‍ය බැංකු සාමුහික ගිවිසුම් වහා අත්සන් කරනු " යන සටන් පාඨය යටතේ Cover Photo Change කිරීම මගින් විරෝධතා ආරම්භ වූ අතර අප සාමාජිකත්වයේ විශාල පිරිසක් ඒ සඳහා දායක වෙමින් එම විරෝධතාව සාර්ථකව දියත් කරන ලදී. ඒ හා සමගාමිව ඔක්තෝබර් 18 වන දින, කොළඹ නගරය හා ඒ අවට ඉහත සටන් පාඨය සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කරන ලදී. බැංකු සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම්වලට කන් යොමනු වෙනුවට එම පෝස්ටර් ඉරා දැමීම තුළින් බලධාරීන් ප්‍රතිචාර දැක්වීම කණගාටුදායකය. එසේ වුවද ඔක්තෝබර් 22 වන දින රට පුරා ප්‍රධාන නගරවල හා සියලු රාජ්‍ය බැංකු ශාඛා ඉදිරිපිට පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් අප විසින් එයට නිසි පිළිතුරු සපයන ලදි. පුරා වසර එකහමාරක් කෝවිඩ් වසංගතයට මුහුණ දෙමින් රාජ්‍ය බැංකු පද්ධතිය තුළින් රටේ ආර්ථිකයටත්, ජනතාවටත් බැංකු සේවකයා සිදුකළ මෙහෙය අවතක්සේරුවට ලක්කළ බලධාරීන් තවදුරටත් නිහඬව කල් මරන්නේනම් ඉදිරි ක්‍රියාමාර්ග ත්‍රීව්‍ර කිරීමට අපි පසුබට නොවෙමු.

ඒ අනුව ඔක්තෝබර් 25 වන දින සිට 27 වන දින දක්වා රට පුරා සියලු රාජ්‍ය බැංකුවල අප සාමාජිකත්වය විරෝධතා ලාංඡන පැළඳ සේවයේ නිරත වනු ඇත.

ඉන්පසු ඔක්තෝබර් 27 වන දින සිට සහයෝගය නොදීමේ හා සහභාගි නොවීමේ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන අතර එය නැවත දැනුම්දෙන තුරු බල පැවැත්වෙනු ඇත.

ඉදිරි ක්‍රියාමාර්ග සඳහා විවරණිකාව කියවන්න.


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks