UPDATE


ලංකා බැංකු සේවක සංගමය 2021-2023 නිල කාලය වෙනුවෙන් ශාඛා සංගම් නිලවරණ සඳහා නාමයෝජනා කැඳවයි !

 

මව් සංගමයේ ද්වි වාර්ෂික නිල කාලය 2021 ඔක්තෝබර් 18 වැනි දිනෙන් අවසන් වූ හෙයින්, ශාඛා සංගම් නිලවරණ සඳහා නාමයෝජනා කැඳවිය යුතු බවට නිලධාරී මණ්ඩලය විසින් තීරණය කරන ලදී. එබැවින් ව්‍යවස්ථානුකූලව සහ 2021-10-14 වැනි දින රැස්වුනු මධ්‍යම කාරක සභාව විසින් අනුමත කරන ලද පහත සඳහන් ශාඛා සංගම් නිලවරණ නීතිරීතිවලට අනුකූලව නාමයෝජනා කැඳවනු ලැබේ.

ඒ අනුව 2021 සැප්තැම්බර් මස වැටුපට අදාළ සාමාජික නාම ලේඛනය පාදකකර ගනිමින් සහ නිලවරණ කමිටුව විසින් 2021 ඔක්තෝබර් මස සාමාජික ලේඛනයට අනුව කරනු ලබන සංශෝධනයන්ට යටත්ව, එක් එක් ශාඛා සංගමිවලින්, මධ්‍යම කාරක සභාව නියෝජනය කිරීමට සුදුසුකම් ඇති සාමාජික සාමාජිකාවන්ගෙන් නාමයෝජනා මෙයින් කැඳවන අතර, එසේ ඉදිරිපත් කරන නාමයෝජනා 2021 ඔක්තෝබර් 25 වන දින සිට 2021 නොවැම්බර් 08 වන දින මධ්‍යාහ්න 12.00 ට පෙර ප්‍රධාන ලේකම් වෙත භාරදිය යුතුය.

වැඩි විස්තර සඳහා විවරණිකාව කියවන්න.


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks