UPDATE


හදවතේ පළඳිමු දෙවන දිනයත් අවසන් !

විරෝධතා ලාංඡන පැළඳීමේ අවසාන දිනය හෙටයි.

රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් අත්සන් කිරීම මේ වනවිට මාස 10ක් ප්‍රමාද වී ඇති අතර, සාමුහික ගිවිසුම් යෝජනා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කොට දින 51 ක් ගත වී ඇත.

දිගින් දිගටම මෙසේ අත්තනෝමතික ලෙස ප්‍රමාද කිරීමට එරෙහිව සංගමය මෙතෙක් ක්‍රියාත්මක කල මූලික වෘත්තීය ක්‍රියාමාර්ග තුල සාමූහික ගිවිසුම් අත්සන් කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් ලංකා බැංකු සේවක සංගමය විසින් දියත් කරනු ලැබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල " විරෝධතා ලාංඡන " පැළඳ විරෝධය දැක්වීමේ ක්‍රියාමාර්ගයේ දෙවන දිනයත් අද (26) දින සාර්ථකව අවසන් විය.

ඒ අනුව, ලංකා බැංකුව , මහජන බැංකුව ඇතුලු රාජ්‍ය බැංකු සේවකයින් සියලු දෙනාම පාහේ තම රාජකාරි ඇඳුමේ විරෝධතා ලාංඡන පැළඳ සේවය කරන ලදී.

අභීත සහෝදරයා සහෝදරිය !

සංගමය විසින් මෙතෙක් ක්‍රියාත්මක කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක කිරීමට ශක්තිය ලබාදුන් සමස්ථ සාමාජිකත්වයට හා අරගලයට විවිධ අයුරින් දායක වූ සියලු සේවකයිනි,

ඔබට සංගමයේ ආචාරය පුද කරමු !

නිහඬ බලධාරීනි !

රටත් , ආර්ථිකයත් , ජනතාවත් දිගින් දිගටම අර්බුදයේ නොහෙලා සාමුහික ගිවිසුම් ගැටලුවට වහා විසඳුම් ලබා දියව් !

ලංකා බැංකු සේවක සංගමයට ජයවේවා !

අරගලය දිනේවා !


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks