UPDATE


සංගමය, රාජ්‍ය බැංකු පද්ධතියේ පසුගිය කාල සීමාව තුළ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ පැමිණිළි, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව වෙත භාරදේ.

2015-2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකුවල සිදු වූ අක්‍රමිකතා, ඵලදායී නොවූ ක්‍රියා සහ අරමුණුවලට පටහැනි අවස්ථා පිළිබඳ තොරතුරු ලබාගැනීමට පත් කළ සිව් පුද්ගල කමිටුවේ හා ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රථම හමුව 2020 අගෝස්තු මස 28 දින මුදල් අමාත්‍යංශයේ දී සිදු විය.

එම කාලය තුළ රජයේ ප්‍රධාන බැංකුවල සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබා ගැනීමට හා එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීමට මෙම සිව් පුද්ගල කමිටුව තීරණය කර තිබේ.

ඒ් අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන 
බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා හා එකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනත් විධිවිධාන සහ කාර්ය පටිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණුදෙනු වලින් කීපයක් පිළිබඳව ලංකා බැංකු සේවක සංගමය විසින් කමිටුව දැනුවත් කෙරිණ.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත්ව, අක්‍රමිකතා වලින් තොරව ආයතනික යහපාලනය සුරකිමින් පවත්වාගෙන යා යුතු බවට ලංකා බැංකු සේවක සංගමය විසින් නිරන්තරයෙන් කර ඇති ඉල්ලීම් සලකා බලමින් ගරු අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම කමිටුව ක්‍රියාත්මක වේ.

 


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks