UPDATE


Seylan බැංකුවේ සාමූහික ගිවිසුම අත්සන් තැබේ.

සෙලාන් බැංකුවේ 2021-2023 ඉදිරි තෙවසරක කාලය සඳහා සාමූහික ගිවිසුම් සාකච්ඡාවල මූලික පියවරක් ලෙස ලංකා බැංකු සේවක සංගමය විසින් සෙලාන් බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය සමඟ අද (09) දින අන්තර් කාලීන ගිවිසුමක් සදහා එළඹෙන ලදී.

මෙම අවස්තාව සඳහා ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක , ජේෂ්ඨ උප සභාපති විමල් චන්ද්‍රසේන , සෙලාන් බැංකු ශාඛා සංගමයේ සභාපති ආසීර්වාද පෙරේරා, ලේකම් සුමිත් ගුණසේකර, විධායක සබික මහින්ද ජයවීර යන සහෝදරවරු හා සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලදාරි කපිල ආරියරත්න මහතා ඇතුලු නිලදාරින්ද, හාම්පුතුන්ගේ සම්මේලනය නියෝජනය කරමින් වජිර ඇල්ලේපොල මහතාද සහභාගි විය.

සේවක අයීතීන් හා වරප්‍රසාද වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවෙන ලංකා බැංකු සේවක සංගමය සියලු බැංකුවල සාමුහික ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් සිටින බව සහෝදරත්වයෙන් සිහිපත් කරමු.


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks