ලංකා බැංකු සේවක සංගමයේ පර්යේෂණ හා පුහුණු ඒකකය විසින් මෙහෙයවනු ලැබූ 2025 වසරේ පළමු පුහුණු වැඩසටහන පසුගිය (09) දින ඩීන්ස් පාර, මහජන බැoකු ශාකා සංගම් කාර්යාලයේදී සාර්ථකව පැවත්විණි. ඒ සදහා ශාඛා සංගම් නියෝජනය කරමින් නම් කරන ලද සහෝදර සහෝදරියන් සහභාගි විය. එහිදී ???? පර්යේෂණ හා පුහුණු ඒකකයේ ආරම්භය හා ගමන්මග ????2025 වර්ෂයට අදාළව හා ඉන් ඉදිරියට පර්යේෂණ හා පුහුණු ඒකකයේ ඉදිරි වැඩපිළිවෙළ ???? පර්යේෂණ හා පුහුණු ඒකකයේ ඉදිරි වැඩපිළිවෙළ තුල ලංකා බැංකු සේවක සංගමයට මෙන්ම වැඩකරන පන්තියට සහය වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර ආර්ථික විශ්ලේෂක ධනුෂ ගිහාන් පතිරණ මහතා සමග "අයවැය යෝජනා විශ්ලේෂණය" සම්බන්ධයෙන් හරවත් සංවාදයක යෙදීමට අවස්තාව ලැබුනි. එමෙන්ම පර්යේෂණ හා පුහුණු ඒකකයේ සක්‍රීය ක්‍රියාකාරීත්වයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයා විසින් අදහස් දක්වන ලදී. වැඩසටහන මෙහෙයවීම පර්යේෂණ හා පුහුණු ඒකකය වෙනුවෙන් ලංකා බැංකු සේවක සංගමයේ ජේශ්ඨ උප සභාපති අනුප නන්දුල හා උප ලේකම් ලක්මාල් වික්‍රමසිංහ සහෝදරවරු විසින් සිදුකල අතර සංගමයේ උප ලේකම්වරු වන දර්ශන ප්‍රේමලාල් හා දිනේෂ් සේනානායක සහෝදරවරුද මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට තම දායකත්වය ලබා දෙන ලදී. ලංකා බැංකු සේවක සංගමය Ceylon Bank Employees' UNION 2025.01.15
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks