UPDATE


2024 - 2026 නිල කාලය සඳහා සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත්වේ.

ලංකා බැංකු සේවක සංගමය 2024-2026 වෙනුවෙන් ප්‍රථම මධ්‍යම කාරක සභාව රැස් කරයි !

අභියෝගාත්මක නිල කාලයකට ශක්තිමත් නිලධාරී මඩුල්ලක් ඒකමතිකව තේරී පත් වෙයි !

ලංකා බැංකු සේවක සංගමය 2024-2026 ඉදිරි දෙවසර වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රථම මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (13) දින කොළඹ නව නගර ශාලා පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. දිවයින පුරා ශාඛා සංගම් නියෝජනය කරමින් මධ්‍යම කාරක සභිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

එහිදී සංගමයේ ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදීව මව් සංගමයේ  නිලධාරී මණ්ඩලය  සහ විධායක සභිකයින් තෝරා පත් කර ගැනීම සිදු විය.

අභිනව නිලධාරී මණ්ඩලය මෙසේය.

සභාපති,
චන්න දිසානායක සහෝදරයා ( ලංකා බැංකුව )

ප්‍රධාන ලේකම් ,
රන්ජන් සේනානායක සහෝදරයා ( මහජන බැංකුව )

භාණ්ඩාගාරික ,
දිලීප හෙට්ටිආරච්චි සහෝදරයා ( හැටන් නැෂනල් බැංකුව )

ජ්‍යේෂ්ඨ  උප සභාපති,
අනූප නන්දුල සහෝදරයා (කොමර්ෂල්   බැංකුව )
 
ජ්‍යේෂ්ඨ උප ලේකම්,
ශාන්ත විපුලසේන සහෝදරයා (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව )

උප සභාපති,
ධනුෂ්ක කුමාරසිංහ සහෝදරයා ( සණස සංවර්ධන බැංකුව )

උප භාණ්ඩාගාරික,
ටී.එම්.එච්.අයි තෙන්නකෝන් සහෝදරයා (රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව )

උප ලේකම්වරුන්,

1)  දර්ශන ප්‍රේමලාල් සහෝදරයා (ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව)
2)  දිනේෂ් සේනානායක සහෝදරයා (HDFC බැංකුව)
3)  ඩී.බී කාර්තික් සහෝදරයා (ලංකා බැංකුව)
4)  ලක්මාල් වික්‍රමසිංහ සහෝදරයා (ජාතික ඉතිරිකිරීමේ බැංකුව)
5)  අරවින්ද ඒකනායක සහෝදරයා (මහජන බැංකුව)
 
නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව නව ජ්‍යෙෂ්ඨ උප සහාපති අනූප නන්දුල සහෝදරයා විසින් සභාව ආමන්ත්‍රණය කරන ලදී.එහිදී පසුගිය නිල කාලය තුළ සංගමය මුහුණ දුන් අභියෝග හා එම අභියෝගාත්මක කාලය තුල සංගමය විසින් අත්පත් කරගත් ජයග්‍රහණ පිලිබඳවත් සංගමයේ සමාජීය වගකීම හා ආයතනික වගකීම පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

ඉන් අනතුරුව රටක් වශයෙන් මේ වනවිට මුහුන දෙමින් පවතින ආර්ථික හා දේශපාලනික අර්බුද හමුවේ සංගමයට මුහුනදීමට සිදුවන ඉදිරි අභියෝග පිලිබදවත් එම අභියෝග හමුවේ සංගමයේ අනාගත හැසිරීම කෙසේ විය යුතුද යන්නත්  පිලිබදව ඉතා හරවත් දේශනයක් සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයා විසින් සිදු කරන ලදී.

එමෙන්ම දේශපාලනික හා වෙනත් වෘත්තීය සමිති මගින්  සංගමය වෙත එල්ලවන අභියෝගයන් පරාජය කිරීමේ සංගමයේ සැලසුම් සහගත ක්‍රියාමාර්ග පිළිබඳවත් මධ්‍යම කාරක සභිකයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

28000 කට ආසන්න බැංකු සේවකයින්ට නායකත්වය ලබාදෙන ලංකා බැංකු සේවක සංගමයේ මධ්‍යම කාරක සභිකයින්ගේ උර මත ඇති වගකීම පිලිබඳවත් ඉදිරියේදී  සංගමයේ සාමූහික ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමේ සංගමයේ සැලසුම් පිළිබඳවත් ,සංගමයට එල්ලවන අභියෝග පරාජය කිරීමේ සැලසුම් පිළිබඳවත් පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමට සභාපති සහෝදරයා කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව 2024-2026 නිල කාලයට අදාල ප්‍රථම මධ්‍යම කාරක සභාවේ වැඩකටයුතු අවසන් කෙරිණ.

ලංකා බැංකු සේවක සංගමයට ජයවේවා !

ලංකා බැංකු සේවක සංගමය
2024.02.14


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks