ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වෘත්තීයවේදී එකමුතුව සාකච්ඡා කරයි !
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකතුව( PTUA ) අතර ඵලදායී සාකච්ඡාවක් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද (22) දින පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජේෂ්ඨ මාණ්ඩලික නියෝජිත පීටර් බෲවර් මහතා සහ ඔහුගේ කණ්ඩායම සාකච්ඡාව සදහා සහභාගි වූ අතර PTUA නියෝජනය කරමින් ලංකා බැංකු සේවක සංගමයේ ජේෂ්ඨ උප සභාපති අනුප නන්දුල සහෝදරයා , වෛද්‍ය කසුන් ගමගේ (GMOA), ආචාර්ය චාරුදත් ඉලංගසිංහ (FUTA),මහාචාර්ය ඉන්දික කරුණාතිලක (FMTU) සහ තවත් නියෝජිතයින් සාකච්ඡාවට සහභාගි විය.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අවධානය උපයන විට ගෙවීම මත බදු (APIT) සම්බන්ධයෙන් යොමුවූ අතර PTUA නියෝජිතයින් APIT සංශෝධන සඳහා ඔවුන්ගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලදී.එම සංවාදය අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක විසඳුම් සෙවීම අරමුණු කරගත් ඵලදායී සැසියක් විය.
A fruitful discussion took place between the International Monetary Fund (IMF) and the Professional Trade Union Alliance (PTUA) at Shangri-La Hotel Colombo. IMF senior staff level representative Mr. Peter Brewer and his team engaged with PTUA representatives including Com. Anupa Nandula(senior wise president- CBEU), Dr. Kasun Gamage (GMOA), Dr. Charudatta Ilangasinghe (FUTA), prof. Indika Karunathilaka (FMTU) and others.
The main focus of the discussion was APPIT tax, with PTUA representatives conveying their views and suggestions for amendments. It was a productive session aimed at promoting constructive dialogue and finding mutually beneficial solutions.
ලංකා බැංකු සේවක සංගමය
2024.11.22
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks