සාමාජිකත්වය සඳහා සුබසාධන ප්රතිලාභ වැඩි දියුණු කිරීම සඳහා ලංකා බැංකු සේවක සංගමය, HNB ඇෂුවරන්ස් ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.
සංගමයේ සමස්ත සාමාජිකත්වයට සුබසාධන ප්රතිලාභ වැඩිකිරීම සදහා ලංකා බැංකු සේවක සංගමය (CBEU), HNB ඇෂුවරන්ස් ආයතනය සමඟ 2024.12.13 දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද අතර ඒ හරහා සංගමයේ සමස්ත සාමාජිකත්වයට ලබාදෙන සුබසාධන ප්රතිලාභ වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇත. මෙම ඓතිහාසික ගිවිසුම මගින් CBEU සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම සහ මූල්‍ය සුරක්ෂිතභාවය තහවුරු කර ඇත.
වැඩි දියුණු කළ ප්රතිලාභ
• සාමාජික මරණ ආවරණය: රු. 1,500,000/-
• කලත්‍රයාගේ මරණ ආවරණය: රු. 250,000/-
• පූර්ණ අකර්මණ්‍ය ආවරණය: රු. 1,500,000/-
ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරමින් සංගමයේ සභාපති චන්න දිසානායක, ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුප නන්දුල, භාණ්ඩාගාරික දිලීප හෙට්ටිආරච්චි, උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ සහ උපලේකම් දර්ශන ප්‍රේමලාල්, දිනේෂ් සේනානායක සහ ලක්මාල් වික්‍රමසිංහ යන සහෝදරයින් මෙම අවස්තාවට සහභාගී විය.
HNB ඇෂුවරන්ස් ආයතනය නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී ලසිත් විමලරත්න මහතා, ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී සනේෂ් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ කළමනාකරු මහේෂ් රුද්‍රිගෝ සහ කළමනාකරු අසංග ගෝනගල යන මහත්වරුන් සහභාගි විය.
HNB ඇෂුවරන්ස් ආයතනය සමග එළඹි මෙම සම්බන්ධතාවය තුලින් ගොඩ නැගෙන ශක්‍යතාවයන් හරහා සහ
සංගමය විසින් අනාගතයේදී හදුන්වා දීමට නියමිත පරිඝනක පද්ධතියද උපයෝගී කර ගනිමින් ඉදිරියේදී සංගමයේ සමස්ත සාමාජිකත්වයට තව දුරටත් සුබසාධන ප්රතිලාභ වර්ධනය කරලීමට අපේක්ෂා කරමු. ඒ හරහා සංගමයේ සාමාජිකයින් සඳහා පවතින සුභසාධන ප්රතිලාභ අඛණ්ඩව ඉහළ නැංවීමටද , නව ප්රතිලාභ හදුන්වාදීමටද සංගමය අරමුණු කරනු ලබයි. සංගමයේ සමස්ත සාමාජිකත්වයේ අභිවෘද්ධිය නගාසිටුවීම වෙනුවෙන් නව මං මාවත් ගවේෂණය කිරීමට සංගමය නිරන්තරයෙන් කැපවී සිටින අතර මේ අයුරින් ආරම්භය ලබා ගත් මෙම වැඩ පිලිවෙල ඉදිරියේදී සංගමයේ සාමාජිකත්වයේ සුබසාධන වරප්රසාදයන්හි යෝධ පිම්මක් වනු ඇත.
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks