UPDATE


රාජ්‍ය බැංකු හතරෙහිම සාමූහික ගිවිසුම් වල දෙවන අදියර

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව යන රාජ්‍ය බැංකු හතරෙහිම සාමූහික ගිවිසුම් වල දෙවන අදියර වන වැටුප් නොවන දීමනා පිළිබඳව එම බැංකුවල කළමණාකාරීත්වය සමඟ පසුගිය අඟහරුවාදා (2025/01/07) පැවති සාකච්චාවේදී අවසන් එකඟතාවයන්ට පැමිණීමට හැකිවිය. ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිතුමන්ලා සහ අදාල රාජ්‍ය බැංකු හතරෙහිම සාමාන්‍යාධිකාරීතුමන්ලාගේ සහභාගීත්වයෙන් එදින පෙ.ව.9.30 ට ලංකා බැංකුව ප්‍රධාන කාර්‍යාලයේදී මෙම සාකච්ඡාව පැවත්විණි. මෙහිදී වෛද්‍යාධාර ප්‍රතිපූර්ණය , අතටපාඩු දීමනා , නවක සේවක දීමනා සහ විශේෂ දීමනා සැලකියයුතු මට්ටමින් ඉහළ නැංවීමට හැකියාව ලැබිණි. මීට අමතරව ඒ ඒ ශාඛා සංගම් වලට වෙන්වූ කරුණු සම්බන්ධයෙන් ද අදාල කළමණාකාරීත්වයන් සමග වෙන වෙනම එකඟතා වලට පැමිණීමට නියමිතය. එමෙන්ම 2025 වර්ෂයට අදාළව KPI සමාලෝචනය ද ඉක්මණින් අවසන් කිරීමටද එකගතාව පළකරන ලදී. ඒ අනුව දෙපාර්ශ්වය අතර ඇතිවූ එකඟතා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශයට යැවීමට නියමිත අතර මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලද පසු අදාල ගිවිසුම් අත්සන් කරණු ඇත.
https://www.facebook.com/share/p/1G4sVEYymC/

ලංකා බැංකු සේවක සංගමය.
2025.01.09


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks