" නැගූ රණ ගොස දෙරණ පතුරා මැවූ ජය මඟ එළිය කරවා ඔබෙන් නැඟි හඬ රණ බිමේ විජය ගීතය වේ අපේ එයයි මුළු ලොව පුබුදු වන්නේ එයිනි නව ලොව බිහි කෙරෙන්නේ " ලංකා බැංකු සේවක සංගමයේ විශ්‍රාමික විධායක සභික උපහාර උළෙල පසුගියදා (09) උත්කර්ෂවත් අන්දමින් කොල්ලුපිටිය සසකාවා මන්දිරයේ දී පැවැත්විණ. අතීත සටන්කාමී විශ්‍රාමික විධායක සභිකයින් සිහිපත් කර ඔවුන්ට උපහාර දැක්වීම සංගමය දිගු කාලයක සිට ක්‍රියාත්මක කළ සුභසාධන කටයුත්තකි. ඒ අනුව මෙවර වැඩසටහනේදී විධායක සභිකයින් දස දෙනෙකු උපහාර ලැබීය. දීර්ඝ කාලයක් තිස්සේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ නියැලී සිටි එම සහෝදරවරුන් වෙනුවෙන් එක් සන්ධ්‍යාවක් වෙන්කොට ඔවුන් වෙනුවෙන් උපහාර දැක්වීම එම සහෝදරයන් වෙනුවෙන් කරන කෘතගුණ දැක්වීමක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම මව් සංගම් කාර්යාලයේ වසර විසි පහක් සේවය කිරීම අගය කිරීම් වස් අසිත සිල්වා සහෝදරයාටද උපහාර පිරි නැමීය. හතු පිපෙන්නා සේ පිපී පරවී යන ඉතිහාසයක් නැති දේශපාලන බඩගෝස්තරවාදී සංගම් වලට නම් මෙවැනි උපහාර දැක්වීමක් සිහිනයක් වනු ඇත. එසේ නම්.. කියවන්න.මේ ඔවුන් පිළිබඳව තබන කෙටි සටහනයි..
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks